සංචරණ තහනම ඉවත්කිරිමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රටින් පිටවීමට සහ රටට ඇතුළුවීමට ජූනි තුන්වනදා සිට අවසර හිමිවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. කොරෝනා වයිරස ව්‍යප්තිය හේතුවෙන් ඉතාලිය ද සංචාරක සීමා පනවනු ලැබුවා.
මාස දෙකකට වැඩි කාලයකින් පසු ආර්ථිකය විවෘත කිරිමටයි පියවර ගෙන තිබෙන්නේ. කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 31610ක්.