කොරෝනා වසංගතය අවසන් කළ බව ස්ලෝවේනියාව නිවේදනය කරනවා.
කොරෝනා වසංගතය අවසන් බවට නිවේදනය කළ ප්‍රථම යුරෝපීය රට වන්නේ ස්ලෝවේනියාවයි. පසුගිය දෙසතියක කාලය තුළ දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 කට වඩා අඩු අගයක් ගැනීම නිසා එය තවදුරටත් සිය රට තුළ වසංගතයක් නොවන බවයි ස්ලෝවේනියා රජය පවසන්නේ.
යුරෝපය තුළ විශිෂ්ටතම වසංගත පාලන ක්‍රම වේදය තම රට තුළ තිබූ බව ස්ලෝවේනියා අග්‍රාමාත්‍ය ජැනේස් ජන්සා පාර්ලිමේන්තුවේ දී කියාසිටියා. ස්ලෝවේනියාව මිලියන දෙකක ජන ගහනයකින් යුක්ත රටක් වන අතර කොරෝනාවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටක් වන ඉතාලිය සමග දේශසීමාවක් පවත්වාගන්නවා. ස්ලෝවේනියාවේ කොරෝනා ආසාදිතයින් 1,464 දෙනෙකු වාර්තා වූ අතර මරණ 103 ක් සිදුවුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/05/Slovenia.jpg”]