fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රූපලාවන්‍ය ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 13:53

රූපලාවන්‍යාගාර වල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කළ යුතු ආකාරය පිළිබද එම ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග රූපලාවන්‍යාගාර මුළුමනින්ම වසා දැමුණේ ඒ හරහා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙනුයි. එවන් තත්ත්වයක් යටතේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින පිරිස්වල ජීවනෝපාය අහිමිවීම හේතුවෙන් ගැටලු රැසකට ඔවුන් මුහුණ දුන්නා.

සෞඛ්‍ය ආරක්ෂිතව තම කර්මාන්තය කරගෙන යාමට ඉඩ සළසන ලෙසයි රූපලාවන්‍ය ශිල්පීන් ඉල්ලා සිටින්නේ.

මේ අනුව ගම්පහ දිස්ත්‍රික් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය,  පොලීසියේ සහ සෞඛ්‍ය අංශවල සහාය ඇතිව වැඩමුළුවක් පවත්වා අදාළ ශිල්පීන් දැනුවත් කිරීමට පියවර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්