fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනිද්දා සිට දුම්රිය ගමන් වාර තවත් වැඩි කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 12:00

ලැබී ඇති ඉල්ලීම් සලකා බලා අනිද්දා (18) සිට දුම්රිය ගමන් වාර තවත් වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ  බව කියා සිටියා.

කොරෝනා ව්‍යාප්තියට පෙර ධාවනය කළ දුම්රිය කිහිපයක් ලබන සදුදා (18) සිට කාර්යාල සේවකයින් වෙනුවෙන් යළි ආරම්භ කිරීමටද සැළසුම් කර තිබෙනවා. ඒ අනුව නාවලපිටියේ සිට මහනුවර දක්වාද මාතලේ සිට මහනුවර දක්වා ද නියමිත දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

එමෙන්ම පොල්ගහවෙල සිට මහනුවර දක්වා හා මාතර සිට ගාල්ල දක්වා මීට පෙර ධාවනය කළ දුම්රිය අනිද්දා (18) සිට ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 16, 2020 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්