විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන පරිදි උසස් අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය පිලිබදව කුමන අර්ථකථන තිබුණද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකි බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රූකියා ඔවුන්ව සොයාඑන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ඒ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්රමුඛ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සමග හමුවකට එක්වෙමින්.
විශ්ව විද්‍යාල සහ පාසල් විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ අනුව බවයි ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ. දැනටමත් හදුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරිමට මෙම අවස්ථාව උපයෝගී කරගත යුතුයි. ඉදිරි කාලයේදී ශිෂ්‍ය ප්‍රජාවගෙන් සියයට තිහක්වත් ඔන්ලයින් හෙවත් මාර්ග ගත අධ්‍යාපනයට යොමුකළ යුතු බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.
එමෙන්ම සන්නිවේදන තාක්ෂණය ඇතුලු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තිය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්රවල උපාධි පාඨමාලා හදුන්වාදිමද අතිශය වැදගත්.
උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලු දෙනාට ඊට ඇතුලුවීමට පෙර නිවසේ සිට ඉංග්‍රිසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළ යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. විශ්ව විද්‍යාල සදහා මෙවර බදවා ගන්නා පිරිස 7500 කින් වැඩිකර ඇති බව ජනාධිපතිතුමා කළ විමසීමකට පිළිතුරු දුන් කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.