පවතින වැසි තත්වයත් සමඟ ගංගා කිහිපයක ජල මට්ටම් වැඩිවී තිබෙනවා.
මීඔය , දැදුරුඔය, අත්තනගලු ඔය සහ කැලණි ගගේ ජල මට්ටම වැඩිවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
කලුගඟ , බෙන්තර ගඟ, ගිංගඟ , නිල්වලා, කිරම ඔය සහ උෑරුබොකු ඔයේ ද ජල මට්ටම් වැඩිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අඛණ්ඩව විමසිල්ලෙන් පසුවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.