පවතින කාලගුණ තත්වය සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්රජාවට දැනුම් දෙන්නේ.
පොතුවිල් සිට තුිකුණාමලය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්රදේශවල ඇතැම් ස්ථානවලද තද වැසි ඇතිවනවා. ඇතැම් ස්ථානවල මුහුදු ප්රදේශ ඉතා රළුවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සදහන්.
නැවත දැනුම්දෙනතුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වලකින ලෙසයි ධීවර දෙපාර්තමේන්තුවේ විමර්ෂණ අධ්යක්ෂ පද්මප්රිය තිසේරා මහතා දැනුම් දෙන්නේ.