fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයින පුරා වී වගා කටයුතු සාර්ථකව

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 12:48

දිවයින පුරා වී වගා කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

මහනුවර හාරිස්පත්තුව ඇඹුල්පුරේ බණ්ඩාර අස්වැද්දුම කුඹුරුයාය වසර 15 කට පසු යළි වගා කෙරුණා. මෙම පුරන්කුඹුරුයාය අස්වැද්දීම සිදු කෙරුණේ පූජ්‍ය කටුගස්තොට දේවරක්ඛිත ස්වාමීන්වහන්සේගේ මග පෙන්වීම යටතේයි. ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැරණි ක්‍රමයට නෙළුම් කවි ගායනා කරමින් වෙල්යායේ ගොයම් පැළ සිටුවීමේ කටයුතු සිදුකෙරුණා.

ඇඹිලිපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ අක්කර හත්දහසකට වැඩි ප්‍රමාණයක වී වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. ඇඹිලිපිටිය පල්ලේගම වෙල්යායේ පමණක් අක්කර 160ක මෙවර වගා කටයුතු සිදු කෙරෙනවා. කුඹුරු වගාවෙන් ගොවි පවුල් පන්දහසකට අධික සංඛ්‍යාවකට සෙත සැලසී ඇති බව ප්‍රදේශයේ ගොවි සංවිධාන පවසනවා. අක්කරයකින් බුසල් 120 ක වී අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂාවයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo