කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇති වූ තත්ත්වය හමුවේ ජීවන ආදායම් මාර්ග අහිමි වූ ජනතාවට සහන ලබාදීමේ දෙවන අදියර ආරම්භ කෙරෙනවා.
අප්‍රේල් මාසය තුළ ද එම සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන තිස් හයදහස් එකසිය තිහ ඉක්ම වනවා.
එම වැඩපිළිවෙල අනුව සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ආසන්න වශයෙන් ලක්ෂ 24 ක් පමණ සහ ජීවන මාර්ග අහිමි වූ පවුල් ලක්ෂ 24 කට සහන ලබාදීමට කටයුතු කෙරුණා. එමෙන්ම වැඩිහිටි දීමාව වශයෙන් පුද්ගලයින් 625,000 කට , ආබාධිත දීමනාව පුද්ගලයින් 123,641 කට හා වකුගඩු රෝගී පුද්ගලයින්ට රුපියල් 5000 බැගින් ලබාදීමට කටයුතු කෙරන බවද සමාජ ආරක්ෂණ ආමාත්‍යාංශය පවසනවා. මෙම ප්රතිලාභ මැයි මාසය සඳහාද ලබාදීම සිදු කෙරනවා.