fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ගැන නවතම හෙළිදරව්ව

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 12:14

කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු කතා කිරීමේදී මුඛයෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8 ක කාලයක් අවකාශයේ රැඳී සිටින බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

මෙය ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළිවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. සීමිත අවකාශයක් තුළ ශබ්ද නගා කතා කිරිමේදී අවම වශයෙන් කොවිඩ් 19 අංශු අඩංගු ඛේට බිඳිති දහසක් ජනනය කළ හැකි බව ද හෙළිවී තිබෙනවා. එම ඛේට බිඳිති විනාඩි 8 ක කාලයක් වාතාශ්‍රයේ රැඳී පවතින අතර යමෙකු ඒවා ආශ්වාසය කළහොත් ඔහුට වෛරසය ආසදනය වන බවයි පර්යේෂණයෙන් තහවුරු වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්