කොරෝනා තත්ත්වය පාලනය වන තෙක් පොදු ප්‍රවාහන සේවා විධිමත් නියාමනයක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. ජනතාවට විධිමත් සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.
පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදී සියලු ප්‍රවාහන සේවා මනාව සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරීම , මෙහෙයවීම , නියාමනය හා බලාත්මක කිරීම නව කාර්ය සාධක බලකායට පැවරෙනවා. ජනතාවට කිසිඳු හිරිහැරයක් , බාධාවක් නොවන පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුයි.
සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මඟින් පොදු ප්‍රවාහනය ඔස්සේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම ද මෙහි අරමුණක් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත්කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතායි. අතිරේක ලේකම් ජේ එම් තිලකරත්න මහතා එහි ලේකම්වරයායි. බස් රථ සංගම් සභාපතිවරුන් , දුම්රිය සාමාන්‍යාධිකාරී , ලංගම , ජාතික ගමනාගමන කොමිසම ආදී ආයතනවල ප්‍රධානීන් ද ඇතුළත්ව මෙම කාර්ය සාධක බලකාය සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විතයි.
ප්‍රවාහන සේවා සැපයීමේදී අපහසුතාවක් වෙතොත් ජනතාවට මෙම බලකාය ඇමතිය හැකියි. සභාපති 0112 187 233 / අමාත්‍යාංශයේ දුරකථන අංකය 0112 187 200 / ලේකම් 0714 410 565 / ෆැක්ස් 0112 286 5093