fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

225Kgකට අධික හෙරොයින් සමඟ 4ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 11:58

හෙරොයින් කිලෝග්‍රෑම් 225 යි ග්‍රෑම් 969 ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිසර මහබාගේ නුගගවත්ත පාර ප්‍රදේශයේදීයී. හෙරොයින් ජාවාරම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 / 30 /50 සහ 55 යන වයස්වල පසුවන වැලිසර සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්