fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ අවිධිමත් ජනාවාසවල වෙසෙන පවුල් වෙනුවෙන් නව නිවාස ඉදකිරීමේ තවත් පියවරක්

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 11:31

කොළඹ නගරයේ අවිධිමත් ජනාවාසවල වෙසෙන පවුල් 40000 ක් වෙනුවෙන් නව නිවාස ඉදකිරීමේ තවත් පියවරක් ආරම්භ කෙරුණා. ඒ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවත ප්‍රදේශයෙන්.

නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 300 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. එක් නිවසක් වර්ග අඩි 550 කින් යුක්තයි. ආසියා යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ඉදි කෙරෙන මෙම මහල්නිවාස සංකීර්ණය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1723 ක්. වසර  දෙකහමාරක් තුළ  ඉදිකිරීම් අවසන් කිරීම සැළසුමයි.

නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනවා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කොළඹ නගරයේ පැල්පත් වාසීන් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදු කෙරනවා. එහි තවත් අදියරක් ලෙසයි අරුණෝදය මාවත නිවාස ඉදිකිරීම ආරම්භ කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 15, 2020 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්