ලොව විශාලතම සහ පැරණිතම පුෂ්පය ලෙස සැලකෙන ටයිටන් අරම් පුෂ්පය බෙල්ජියමේ පිපීඇති බව වාර්තා වනවා.
බෙල්ජියමේ මෙයිසා උද්භිත උද්‍යානයේ මෙය පිපීඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මීටර් දෙකක් උසැති ටයිටන් අරම් නමැති මෙම දුර්ලභ පුෂ්පය බෝ කිරීම සහ ව්‍යාප්තිය ඉතා දුෂ්කරයි. කෙරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර මෙම පුෂ්පය නැරඹීම සඳහා හැකියාවක් ලැබෙන්නේ නැහැ.බෙල්ජියමේ 2008 වර්ෂයේදී මෙම පුෂ්පය පිපී තිබෙනවා.