ලොව පුරා වාසය කරන මිලියන ගණනක් පුද්ගලයින්ගේ මානසික රෝග උත්සන්න විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.
සියලුම රටවල් කොරෝනා වෛරසයට මෙන්ම ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීමට නොහැකි වනු ඇති බවයි. වෛරසය සඳහා එන්නතක් සොයාගත්ත ද වෛසරය පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බව ඔවුන් පවසනවා.