fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුණට පොතක් එක්කළ සකර්බර්ග්ගේ 37

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 18:32

නූතන යුගයේ සන්නිවේදන ක්ෂේත්‍රයට නැවුම් මුහුණුවරක් එක් කළ මුහුණුපොත නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අද 37 වන වියට පා තැබුවා.

1984 මැයි 14 වන දින නිව්යෝර්ක් නගරයේදී උපත ලැබූ ඔහු ගැහැණු දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවායි. ඔහුගේ පියා දන්ත වෛද්‍යවරයෙකු වන අතර මව මානසික වෛද්‍යවරියක්. කුඩා කළ සිටම ඉගෙනීමට අතිශය දක්‍ෂතා දැක්වූ මාර්ක් පාසල් කාලයේදී ගණිතය , අභ්‍යවකාශ විද්‍යාව , භෞතික විද්‍යාව හා සාහිත්‍ය යන විෂයන් සඳහා ද පදක්කම් දිනා ගත්තා. මීට අමතරව ඔහු ප්‍රංශ , හීබෘෘ , ලතින් හා ග්‍රීක භාෂාවන් හි ප්‍රවීණයෙකු ද වනවා.

එවකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු 2004 වසරේ පෙබරවාරි 4 වන දින පළමු වරට මුහුණු පොත සමාජ ජාලාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. ඒ ඔහුගේ සමීපතම මිතුරන් 4 දෙනෙකු සමඟින්. වයස අවුරුදු 23 දී එනම් 2007 වසරේදී ලොව ලාබාලතම බිලියනපතියා ලෙස ද පෝර්බ්ස් සඟරාව ඔහු හඳුන්වනු ලැබුවා.

2010 වසරේදී ලොව ධනවත්ම පුද්ගලයන් සිය දෙනා අතරට ඇතුළත් වූ ඔහු 2016 වසරේ ලොව බලවත්ම මිනිසුන් 10 දෙනා අතරට එක්වීමට ද සමත්වුණා. මෙම වසරේ මාර්තු වන විට ඔහුගේ පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 54 කට ආසන්න වනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 14, 2020 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්