රුසියාවෙන් නව කොරෝනා ආසාධිතයන් 9974 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සමස්ත ආසාධිතයන් ගණන දෙලක්ෂ පනස් දෙදහස් දෙසීය හතලිස් පහක්. අද (14) වාර්තාවූ මරණ 93 ක් සමග මුළු මරණ ගණන 2305 ක් දක්වා වැඩිවුණා.
කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ලවූ තවත් රටක් ලෙසයි රුසියාව සැලකෙන්නේ.