අපේ ජනබල පක්ෂය කුරුනෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරියා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමින්වහන්සේ ඇතුළු අපේ ජනබල පක්ෂයෙන් කුරුනෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා එහි සාමාජිකයින් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයායි.
එම පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක පවතින දෝෂයක් හේතුවෙන් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරියා කටයුතු කළ බව පෙත්සමේ සදහන්.
මැතිවරණ නීතියට අනුව එවැනි කරුණක් සම්බන්ධයෙන් නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවයි එම රිට් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.