හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළා.
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත
සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කරමින් එම ඇප නියෝගය අවලංගු කිරීමටයි කොළඹ මහාධිකරණය අද (13)උදෑසන නියෝග කළේ.
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.