fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාචාර්ය සේන එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2020 18:58

ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සේන එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වුණා. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 73 වන වියේ පසුවුණා.

ජලජීවී වගාව පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ මහාචාර්ය සේන එස් ද සිල්වා මහතා රුහුණ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස 1978 වසරේදී පළමු පත්වීම ලබාගත්තා. ඒ වන විට ඔහු 32 වන වියේ පසුවුණා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මත්ස්‍ය ජීවී විද්‍යා අධ්‍යයන අංශයක් රුහුණ විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීම සඳහා ද මූලික වූයේ මහාචාර්ය සේන එස් ද සිල්වා මහතායි.

තායිලන්තයේ පිහිටි ආසියා ශාන්තිකර කලාපයේ ජලජීවී මධ්‍යස්ථාන ජාලයේ සාමාන්‍යාධිකාරී මෙන්ම ආසියා මත්ස්‍ය පෝෂණ ජාලයේ සම්බන්ධීකාරක යන තනතුරු දැරූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුයි. එමෙන්ම ඒ මහතා ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් රැසකට ද ලක්ව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 12, 2020 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්