fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 71,000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor මැයි 12, 2020 15:26

ඉන්දියාවේ දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (11) වාර්තා වුණා. ඒ 4213 ක් ලෙස.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ එක් දහස ඉක්මවා තිබෙනවා. විසි තුන් දහසක් පමණ සම්පුූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ.

එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 2310 ක් . ඉන්දියාව තුන් වන වරටත් වසා දැමීමේ කාල සීමාවෙන් අඩකටත් වඩා මේ වන විට ගත වී අවසන්. මැයි 17 වනදා දක්වායි වසා දැමීමේ කාල සීමාව ප‍්‍රකාශයට පත් වී තිබෙන්නේ. නීති ලිහිල් කිරිම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අංශ ගණනාවක නියෝජිතයන් අතර දීර්ඝ සාකච්ජාවක් ඊයේ පැවැත්වුණා.

කෙසේවෙතත් ඉන්දියාවේ අන්තර් ප‍්‍රාන්ත දුම්රිය සේවා වාර කිහිපයක් අද සිට ආරම්භ කර තිබෙනවා. පැය තුනක් ඇතුලත ටිකට් පත් තිස් දහසක් අලෙවි වී ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 12, 2020 15:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්