දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ දිවයින ආශි‍්‍රත පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන්. ඇතැම් ස්ථානවලට මිලි මීටර සියයක පමණ තද වර්ෂාවක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කලේ.
මේ අතර දිවයින වටා මුුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝ මිටර 80ක පමණ තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.