ඉන්දියාවේ චෙන්නායි සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් තුන්සිය විසි දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය කටුණායක ගුවන් තොටුපළට පැමිණියා .
ඒ දහවල් 12.35 ට. කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් රැගෙන ඒමේ තවත් පියවරක් ලෙසයි මෙම පිරිස මෙරටට ලඟා වුනේ.
ගුවන් මගීන් අතර ගර්භනී කාන්තාවන්ද සිිටි බව අප වාර්තාකරු සදහන් කළා. විශබීජහරණයෙන් පසු ශි‍්‍ර ලංකා යුද හමුදාව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගොස් තිබෙනවා.