යුරෝපා කලාපයේ හා ආසියා රටවල් රැසක දෙනික කටයුතු යළි ආරම්භ කරද්දි කොවිඩ් ව්‍යාප්තිය පාලනය කළ බවට පැසසුම් ලැබු දකුණු කොරියාවේ හා චීනයේ නැවතත් ආසාදිතයන් වාර්තා විම ඉහළ ගොස් තිබෙනවා.
දකුණු කොරියාවේ සෝල් අගනුවර වෛරස ව්‍යාප්තිය යළි ආරම්භ වුයේ 29 හැවිරිදි ආසාදිතයෙකු හේතුවෙන්. ඔහු ගමන් කළ ස්ථානවල රැඳී සිටි පුද්ගලයන් 1500 දෙනෙකු කොවිඩ් පරික්ෂාවට ලක් කෙරුණා. ඔහු සිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළින් නව ආසාදිතයන් වළල්ලක් නිර්මාණය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
ඉදිරි දින කිහිපය වඩාත් අවදානම් විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
චිනයේ වූහාන් නගරයෙන් නැවතත් ආසාදිතයකු හමු වීමත් සමග දෙවන වරටත් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වුණා.
ඊසාන දිග චීනයේ ෂූලන් නගරයේ ආසාදිතයන් සමූහයක් හදුනාගැනීමෙන් පසුව ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 17 ක්. ඉන් 07 දෙනෙකු විදේශිකයන් වන අතර 10 දෙනකු චීන ජාතිකයන් වනවා.
කෙසේ නමුත් මාස 3 ක කාලයකට පසු ෂැන්හයි නගරයේ ඩිස්නිලන්තය විවෘත කිරීමත් සමග බොහෝ පිරිසක් ඒ වෙත ඇදි එන අයුරු දක්නට ලැබුණා.