රුපියල් පන්දහසේ දීමනාව මෙම මස සදහාත් ලබාදීම අද ආරම්භ කෙරුණා. අදාල මුදල නිවසටම පැමිණ ලබාදීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි ලබා දෙන රුපියල් 5000 දීමනාවේ දෙවන වටයේ ගෙවීම් අද ආරම්භ වුණා.
අප්‍රේල් මාසයේ දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛණය, ප්‍රමුඛතා ලේඛණය හා ග්‍රාමීය කමිටුව විසින් නිර්දේශ කළ ප්‍රතිලාභී ලේඛණය යන ලේඛණවලට ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනා හිමිවනවා. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මග පෙන්වීම් යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් මෙම දීමනාව ලබා දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
එම ගෙවීම් අද ආරම්භ වූ අතර ලබන 15 වනදායින් අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව වැඩිහිටි දීමනාව හා සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබාදීම සිදු වන්නේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්.
ආබාධිත දීමනාව හා වකුගඩු දීමනාව ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහලේකම්කාර්යාලය මගින්ද, ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින්ද ගෙවනු ඇති.