වාද්දූව ඇතුලු ප්රදේශ කිහිපයකට හෙට උදෑසන 8 සිට සවස 6.30 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කලුතර උතුර, දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කලුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්රදේශවලටයි හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන්නේ.