කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 863 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 321ක්.
දිවයිනේ රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 533 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ 116 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම සදහා ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් අද සිට ප්‍රදේශ ගණනාවක සංචාරය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝහල් සහ සෞඛ්‍ය ආයතන රැසක භෞතික හා මානව සම්පත් සංවර්ධනයට ලෝක බැංකුව 2 වන වරටත් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි. එම ප්‍රතිපාදන නිදහස් කිරීම සදහා පළමු වටයේදී රෝහල් 63 ක සිදු වූ වැඩ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම මෙම නිරීක්ෂණ කණ්ඩායමේ අරමුණයි. එහි ප්‍රගතිය පිළිබද වාර්තාවට අනුව මීළඟ ප්‍රතිපාදන නිදහස් කෙරෙනු ඇති.