කොවිඩ් නයින්ටීන් වෛරසයේ වැඩිම බලපෑම එල්ලවී ඇති රට බවට ඇමෙරිකාව පත්ව තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෛරසය මැඩ පැවැත්වීමට කටයුතු කරන ආකාරය අසතුටුදායක බව හිටපු ජනපති බැරක් ඔබාමා සදහන් කරනවා.
මේ වන විට මුළු රටම අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහු තවදුරටත් පවසන්නේ.
මේ අතර උප ජනාධිපති මයික් පෙන්ස් ගේ පුද්ගලික සහායකයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.