යුරෝපා කලාපයෙන් වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ස්පාඤ්ඤයටයි. කෙසේ වුවද හෙට සිට එරට අර්ධ වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මිලියන 47ක පිරිසකට තම නිවෙස්වලින් පිටවීමට අවසර හිමිවනු ඇති. කෞතුකාගාර, අවන්හල් හා වෙළෙදසැල් ජනතාව සදහා විවෘත කිරීමට නියමිතයි. සමාජ දුරස්ථීකරණය පවත්වා ගැනීම සදහා මුහුදු වෙරළ සදහා ස්ථාන වෙන් කරමින් ඇප් එකක් හරහා එම ස්ථාන කලින් වෙන් කරවා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
වෛරසයේ බලපෑම හේතුවෙන් ඉතාලියේ මිලියන 21කට ආසන්න පිරිසකට රැකියා අහිමිවී තිබෙනවා. 1948 වසරට පසුව වැඩිම රැකියා අහිමි පිරිසක් වාර්තා වන්නේ මෙම වසරේදීයි. මේ වන විට එරටින් වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අවම වෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා. මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද දිනයේදී ජාතිය ඇමතීමට නියමිතයි. එහිදී රට පත්ව ඇති අවදානම් තත්ත්වය හා එයට මුහුණ දිය යුතු ආකාරය දැනුම් දෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ.