කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය පැවතියද ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම හෙට සිට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය අංශ සහ රජය ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් තම කටයුතු වල නිරතවන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි
කාර්යාලවල සේවා අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබුණා. දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතනවලට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාට තීරණය කළ හැකියි. පෞද්ගලික ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10 ටයි. ජනතාව එක්රැස්විම නතර කිරීම සඳහා බස්රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය සඳහා පමණක් සීමාකර තිබෙනවා. මුඛ ආවරණ පැළඳීම ද අත්‍යවශ්‍ය වනවා. කවරෙකු හෝ නිවසින් බැහැරව යා යුත්තේ ආහාර හෝ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.