කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත් රටවල් සහ රාජ්‍යයන් 50 කට ආධාර ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළා.
ඒ වෙනුවෙන් යුරෝ මිලියන තුනයි දශම අටක අමතර මුදලක් අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කළේ.
පාකිස්ථානය, පිලිපීනය, සිම්බාබ්වේ ඇතුලු දිළිඳු රටවල් 9 ක් ඊට ඇතුලත්. කොරෝනා වසංගතයත් සමඟ එම රටවල් සහ රාජ්‍යයන් හි ආර්ථිකය කඩාවැටී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.