fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය පැනවූ සීමා යළි සලකා බැලීමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor මැයි 7, 2020 15:55

කොරෝනා වසංගතය හේතුවෙන් එංගලන්තය පැනවූ සීමා යළි සලකා බැලීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබද හදිසි සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළේ. රටවල් රැසක් මේ වනවිටත් සිය සීමා ලිහිල් කර තිබෙනවා. එංගලන්ත සීමා ද ලිහිල් කළයුතු බවටයි එරට කැබිනට් මණ්ඩලය අග‍්‍රාමාත්‍යවරයාට යෝජනා කළේ.

ඒ අනුව ආර්ථිකය විවෘත කිරීමට ද සැලසුම් කර තිබෙනවා. අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය ඇමතීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් මේ වනවිට එංගලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව තිස් දහස ඉක්මවීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 7, 2020 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්