පොළොන්නරුවේදී සිදුවූ රියඅනතුරකින් හමුදා සෙබලුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදුවුණේ යුධ හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන්. ඒ පොළොන්නරුව හබරන මාර්ගයේ ගිරිතලේ ප්රදේශයේදී.
තුවාල ලැබූ එක් හමුදා සෙබලෙකු පොළොන්නරුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
කැබ් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බවයි පොලීසිය පවසන්නේ.