දශක දෙකකට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ස්වාධින රූපවාහිනියේ අටපට්ටම රුපවාහිනි සගරාමය වැඩසටහනේ දහස්වන වැඩසටහන අද (06) විකාශය කෙරුණා.
2001 වර්ෂයේ ආරම්භ වූ අටපට්ටම වැඩසටහන එදා මෙදා තුර වැඩිම ප්‍රේක්ෂක ආකාර්ෂණයක් දිනා ගත් රූපවාහිනි වැඩසටහන බවට පත් වුනා. ස්ලිම් නෙල්සන් සම්මානය අඛණ්ඩව 12 වන වරටත් දිනා ගැනිමට හැකි වු එකම වැඩසටහන වුයේද මෙයයි. රාජ්‍ය සම්මාන, සුමති ඇතුළු සම්මාන රැසකින්ද පිදුම් අටපට්ටම ලැබුවා.එහි නිෂ්පාදක ආචාර්ය හසන්ත හෙට්ටි ආරච්චි මහතාගේ වැඩසටහන ඉදිරිපත් කිරිමේ ශෛලය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට හේතු වුණා.
දේශිය මෙන්ම විදේශයන්හි විශේෂිත සිදුවිම් හා දර්ශණ අටපට්ටමට ඇතුලත්. විශේෂිත මෙන්ම විශ්මිත ක්‍රියාකාරකම්ද වලින්ද වැඩසටහන පරිපුර්ණ වී තිබෙනවා. අටපට්ටම වැඩසටහන් දහසක් විකාශය කිරිම වෙනුවෙන් සැමරුම් උත්සවයක් වික්‍රමසිංහපුර ස්වාධින රූපවාහි මාධ්‍ය ජාල පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ සදහා ස්වාධින රූපවාහිනි මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මෙන්ම හිටපු සභාපති නිව්ටන් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cNVerwjiaGA”]