පැය 24කදී ඇඳීරිනීතිය කඩකළ 630ක් අත්අඩංගුවට
Related Articles
අද (06) දිනයේදී රටපුරා ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ඒ ලබන සඳුදා (11) අලුයම 5 දක්වා. 11 වන සඳුදා අලුයම පහෙන් පසු අවදානම් දිස්ති‍්‍රක් හැර සෙසු පළාත්වල ඇඳිරි නීතිය ලිහිල් කරන බවයි රජය දැනුම් දුන්නේ.
පසුගිය පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ 630 දෙනෙකු හා රථවාහන 209 ක් පොලිස් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ප්‍රතිපත්ති පූජා වලට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ.