රාජ්‍ය වෙසක් මහෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
කොරෝනා ව්‍යසනයේ බලපෑම හේතුවෙන් මෙවර වෙසක් දින රාජ්‍ය මහෝත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ දී රාජ්‍ය වෙසක් මහෝත්සවයේ චාරිත්‍ර කිහිපයක් ද සිදුකෙරුණා.
වෙසක් දිනය වෙනුවෙන් මුද්දර 4 ක් හා මුල්දින කවර 2 ක් එළිදැක්වීමටයි පියවර ගැනුණේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටි අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පළමු මුද්දරය මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේට පිළිගැන්වූවා. සෙසු මුද්දර තුන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණු අතර රුපියල් 100 , රුපියල් 45 හා රුපියල් 15 ක වටිනාකමින් යුක්තවයි එම මුද්දර නිකුත්කර ඇත්තේ. මෙවර වෙසක් දින ජාතික උත්සවය පැවැත්වෙන්නේ හොරණ ඔලබොඩුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින්. එහි පූජා භූමි සන්නස් පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් එම විහාරාධිපති පූජ්‍ය උඩුවේ හේමාලෝක ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=7YIV6jEXRfE&feature=youtu.be&fbclid=IwAR38Jctw1wMutQ8XCHqc1uILgkE2tz7q-a2SfzBIDZEfPWJFSwIh2Y57TFI”]