fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට ආශිර්වාද පතා ජ්වර පිරිත් දේශනාව දිවයිනේ සෑම විහාරස්ථානයකම හෙට පස්වරු 5 සිට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 18:50

රටට ආශිර්වාද පතා ජ්වර පිරිත් දේශනාව දිවයිනේ සෑම විහාරස්ථානයකම හෙට පස්වරු 5 ට පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

අතීතයේ පටන් රටට ඇති වූ රෝග වසංගතවලදී ආධ්‍යාත්මික ආශිර්වාදය වෙනුවෙන් පිරිත් සජ්ඣායනා සිදු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමඟ පැවති විශේෂ සංඝ සභාවේදී මහා සංඝරත්නය පෙන්වා දුන්නා. උන්වහන්සේගේ ඉල්ලීම පරිදි ව්‍යසනයට මුහුණ දී සිටින රටවැසියන්ට සෙත්පතා මෙසේ පිරිත් සජ්ඣායනයක් සංවිධාන කෙරුණා. මහා සංඝරත්නයේ මෙම ඉල්ලීමේ වැදගත්කම සලකා බැලූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පිරිත් සජ්ඣායනය හෙට පස්වරු පහට පැවැත්වීමට කටයුතු සංවිධාන කළා. මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් එය සිදු කිරීමට නියමිතයි. එමෙන්ම මහා සංඝරත්නයේ අදහසට අනුව පිරිත් දේශනය විනාඩි 30 කට සීමා කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්