කටුණායක ගුවන් තොටුපොළේ කොරෝනා මර්දන වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව
Related Articles
කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කොරෝනා මර්දන වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසනවා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ගුවන් ආරක්ෂාව හා නිරුපද්‍රිතතාව වෙනුවෙන් හදුන්වාදී ඇති ජාත්‍යන්තර ප්රමිතීන් නිසි පරිදි කළමනාකරණය කරමින් කොවිඩ් 19 වසංගතය හමුවේ ගුවන් මගීන් හරහා රට තුළට වෛරසය පැමිණීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රශස්ථ පියවරක් ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පෙන්වා දුන්නේ ගුවන් තොටුපොළේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.