ලන්ඩන් හි රැඳීසිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒම සඳහා ශ්රී්ර ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (05) අලුයම පිටත්ව ගියා.
යූ එල් 503 දරණ යානය අලුයම 12.51 ට කටුනායක ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එය පෙරවරු 7.13 ට හීත්රෝ ගුවන් තොටුපොළට ළඟාවුණා. එහි රැඳීසිටින ශ්රී්ර ලාංකික සිසුන් රැගත් යානය හෙට අලුයම යළි කටුනායකට පැමිණීමටයි නියමිත.