fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සම්බුදු තෙමඟුල නිවෙස්තුළටම වී සමරන්න – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 12:04

නිවෙස් තුළම රැඳී සිටිමින් වෙසක් පුන්‍යෝත්සවය  සැමරීමට කටයුතු කරන්නැයි තෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝදිනය සමස්ථ ලෝක වාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුන්‍ය උත්සවයයි. ‍මෙදින දාන, ශීල ,භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් උත්කර්ශවත් ලෙස පැවැත්වීම ලෝක වාසී බෞද්ධයින්ගේ සිරිතයි. එහෙත් මෙවර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජීවිතආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් නිවෙස්වලට පමණක් සීමා වෙමින් වෙසක් පුන්‍යෝත්සව පිංකම පැවැත්වීමට තීරණය වී තිබෙනවා. එම වැඩපිළිවෙළ බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ජනතාවට දැනුම් දී ඇත්තේ තෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි බවයි උන්වහන්සේ  නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ සඳහන් වන්නේ.

ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක් රැස්වන සේ දාන, ශීල, භාවනා, වෙසක් තොරණ ආදිය සංවිධාන නොකළ යුතුයි. තම තමන්ගේ නිවාසවලම රැඳී සිටිමින් නිවස තුළදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් මෙම උතුම් තෙමගුල සැමරීම වඩාත් යෝග්‍ය බවයි මහානාහිමිවරුන් අවධාරණය කර සිටින්නේ. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ,අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන , අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හා  රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි යන මහානායක ස්වාමීන්වහන්සේ නිකුත් කළ වෙසක් පණිවුඩයෙන් මේ බව අවධාරණය කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්