මහර බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් පැන යාමට උත්සාහ කිරීමේදී සිදු වූ තුවාල හේතුවෙන් එක් රැඳවියකු මියගොස් තිබෙනවා.
අද අලුයම 2.30 ත් 03.00 අතර කාලයේ රැඳවුවන් 07 දෙනෙකු ලණු හා බෙඩ්ෂීට් ආධාරයෙන් බන්ධානාගාරයෙන් පැනයාමට උත්සාහ කර ඇති බවයි පොලීසිය පවසන්නේ. එම අවස්ථාවේ රැඳවූවන් පැනයාම වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් ඉහළට වෙඩි තබා තිබෙනවා. රැඳවුන් කිසිවෙකුටත් පළා යාමට නොහැකි වුවද පලායාමට උත්සාහ කිරීමේදී එක් රැඳවූවෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. එම අවස්ථාවේ රැඳවුවන් සහ බන්ධානාගාර නිලධාරීන් අතර සිදු වූ පොරබැදීමක් හේතුවෙන් බන්ධානාගාර නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටිනවා. මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ මහේස්ත්රාත් පරික්ෂණ වත්තල මහේස්ත්රාත් විසින් සිදු කෙරෙනු ඇති. රාගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.