පරිප්පු , සැමන් සහ බී ළූණු සඳහා පනවා තිබූ උපරිම මිල ඉවත් කර තිබෙනවා.
පරිප්පු කිලෝග්රෑම් 1ක් සඳහා රුපියල් 65 ක් , ග්රෑම් 425 ක ශුද්ධ බරින් යුත් මාළු ටින් 1ක් සඳහා රුපියල් 100ක් සහ ලොකු ළූණු කිලෝවක් සඳහා රුපියල් 150 ක් ලෙස පාරිභෝගික අධිකාරිය උපරිම මිල නියම කර තිබුණා. මෙම උපරිම මිල ඉවත් කරමින් එම අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.