එංගලන්ත ක්රිකට් පිලේ ශ්රී ලංකා සංචාරය සඳහා නව කාලසටහනක් සකස් කර තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය අතරමගදී අත්හිටුවීමටයි පියවර ගත්තේ. මාර්තු මාසයේදී ශ්රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායම දින 10 කට පසු යළිත් සිය රටබලා පිටත්ව ගියා. ඒ දින තුනක පුහුණු තරගයකින් පසුව.
ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි නියමිතව තිබුණේ. ඒ කොළඹදී සහ ගාල්ලේදී.
කෙසේවෙතත් එම තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පෙන්වා දෙනවා.