ණය සහන ඉල්ලුම් කිරිමේ කාලසීමාව මැයි 15 වනදා දක්වා දීර්ඝ කළ බව මහ බැංකුව නිවේදනය කරනවා.
කොරෝනා ව්‍යසනය හේතුවෙන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ගණුදෙනු කරුවන්ට ණය සහන සහ සියයට හතරක වාර්ෂික පොලී අනුපාතය යටතේ මාස දෙකක කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීමටයි තීරණය වුනේ.
රුපියල් ලක්ෂ පහට වඩා අඩු වටිනාකමින් යුතු වලංගු කාලය ඉක්මවූ චෙක්පත් බලපත්‍ර ලාභී බැංකු විසින් මැයි 15 වනදා දක්වා වලංගු ලෙස සැලකිය යුතු බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන්.
ණය සහන ලබාගැනීමට සුදුසුකම් ලබන ව්‍යාපාර සහ පුද්ගලයන් ඊට අදාල තොරතුරු සහ ලේඛන බැංකු වෙත ලබාදීමද අවශ්‍ය බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.