සමාජ මාධ්‍ය හරහා මේ දිනවල සංසරණය වන කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පිළිබද සොයා බැලීමට ජාතික ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.
පොළොන්නරුව- නිකවැරටිය ප්‍රදේශවල සිටින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් මගින් දරුවන් සොයා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළා.
මෙම දරුවන් මෙහෙයවන වැඩිහිටියන් පිළිබදව ද ශ්‍රී ලංකාවේ නීති රාමුව තුළ කටයුතු කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.
වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු දන්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරියේ 1929 අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර මෙවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන සහ ප්‍රචාරනය කරන පුද්ගලයින්ට වසර 10 ක් දක්වා සිර දඩුවම් ලබාදිය හැකි බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.