ඉන්දියාවේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 125 දෙනෙකු දිවයිනට
Related Articles
කොරෝනා ව්‍යසනය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙල යටතේ තවත් සිසුන් 125 දෙනෙකු අද දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඉන්දියාවේ කොල්කටා සිට මෙම සිසුන් 125 දෙනා රැගෙන එනු ලැබුවේ යූ එල් 1188 දරණ ගුවන් යානයෙන්. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවූ මෙම පිරිස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත්කර හැරුණා. මිට පෙරද ඉන්දියාව , පාකිස්තානය , නේපාලය සිට මේ අයුරින් සිසුන් රැගෙන ඒම සිදුවුණා.