මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක්
Related Articles
රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා.
පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත්ව සිටින ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනට අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කෙරුණා.
කලාකරුවන් ක්ෂේත්රය තුළ රඳවා ගැනීමත් දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර ඇත්තේ එහි නීති ප්‍රතිපාදනවලට අනුවයි. ඒ යටතේයි ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා රුපියල් මිලියන 10 ක මුදල ප්රදානය කෙරුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත එම මුදල විජේරාම නිල නිවසේදී ප්රදානය කෙරුණා. මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ද සහභාගී වූ අතර මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේ බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතායි.