මීලග ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්කිරිම චීනයේ අරමුණ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කළා.
ඒ වෙනුවෙන් චීනය හැකි සෑම දෙයක්ම සිදුකරන බවටයි ඔහු චෝදනා කරන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඊට වක්රාකාරයෙන් හෝ චීනය වගකිව යුතු බවයි ට්රම්ප් පෙන්වා දෙන්නේ.
තත්වය පාලනය කිරිම සදහා ඇමරිකාව පැනවූ දැඩි නීති හෙට (01) සිට ලිහිල් කිරිමටයි නියමිත. ඒ ඇමරිකාවෙන් කොරෝනා ආසාධිතයන් 1,064,572ක් වාර්තාවී ඇති පසුබිමක. 61,669 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වසංගතයෙන් වැඩිම බලපෑම් එල්ලවූ රට ලෙසයි ඇමරිකාව සැලකෙන්නේ.