ප්‍රේක්ෂක නිදහසේ ප්‍රතිඵලයෙන් රූපවාහිනී මහ ගෙදර යළි ප්‍රමුඛම තැනට
Related Articles
ප්‍රේක්ෂක නිදහසේ ප්‍රථිපලයෙන් ස්වාධීන රූපවාහිනිය ප්රමුඛකම තැනකට පත්වෙයි.
වසර ගණනාවක් පුරා රූපවාහිනී නාලිකා අතරින් අංක 1 රැඳී සිටි ස්වාධීන රූපවාහිනිය 2016 වසරෙන් පසු ශ්‍රේණිගත කිරීම්වලින් පහළ තැනකට ඇද වැටුණා. ප්‍රේක්ෂක ප්රතිචාරයන් අතරින් සහ ජනතාවාදී මාධ්‍ය කලාවක් තුලින් ප්‍රමුඛයා වී සිටි ස්වාධීන රූපවාහිනිය නැවත ඉහළම තැනකට ඔසවා තැබීමට වර්ථමානය වන විට හැකියාව ලැබී තිබෙනවා. වත්මන් සභාපති සුදත් රෝහණ මහතාගේ මගපෙන්වීම යටතේ ප්‍රේක්ෂක නිදහස තේමා කරගනිමින් ඇරඹි නව ආරක මාධ්‍ය කලාවත් සමඟ LMRB සමීක්ෂණ වාර්තා වලට අනුව ප්‍රමුඛස්ථානයකට ඒමට මේ වන විට ස්වාධීන රූපවාහිනියට යළි හැකියාව ලැබී තිබෙනවා. ප්‍රේක්ෂකයන් උදෙසා ජනතාවාදී ගමන්මග ඊට හේතුවයි. ගුණාත්මක ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා සතිඅග හඳුන්වාදුන් තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයද මේ වන විට YouTube හරහා ප්‍රමුඛස්ථානයට පැමිණ තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට උරදුන් සුවහසක් සහෘද ප්‍රේක්ෂකයන්ට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙසේ ආචාරය පුද කර සිටිනවා. පවුලේ නාලිකාව ලෙස රූපවාහිනී මහගෙදර ප්‍රේක්ෂක නිදහස තවත් පුළුල් කරමින් ඉදිරියේදී නව ආරකින් සහ නව්‍යවූ වැඩසටහන් රැසක් ඔබට දායාද කිරීමට සූදානම්.