සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් යළි අරඹයි
Related Articles
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බොහෝ කලක් වසාදමා තිබූ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් දැන් යළි ආරම්භකර තිබෙනවා.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදුකළ හැකි කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට රජය අවසර ලබාදුන්නා. ඒ අනුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ක්‍රියාත්මක ආයතනවල නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීම පිළිබද එම නිලධාරීන් සොයා බැලුවා.
සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක පිරිසක් කැදවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මකයි.